නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්


-4
11 shares, -4 points

මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ නිළියකි. මේ දිනවල විකාශය වන “නීල පබළු” (සිරස ටීවී), “කෝටිපතියෝ” (ස්වර්ණ වාහිනී) ,“මාද ඔබමය” (ජාතික රූපවාහිනී),“ මෙඩිසිනා” (සිරස ටීවී) ටෙලි නාට්‍ය තුළින් අප හමුවට පැමිණෙන මෙම නවක රංගන ශිල්පිනිය ගැන තොරතුරු දැනගන්නට ආශාවෙන් සිටින රසික පිරිස වෙනුවෙන් මේ සතියේ අප කතාබහකට රුක්ෂානා එක්කරගන්නට අප සිතුවෙමු.

මේ දවස්වල ඔබ සතියේ දවස් හතේම පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවනවා.. ඒ ගැන ගොඩක් සතුටු ඇති.
ඇත්තටම ඔව්.. ඒත් මම මේ යන්නේ පියවරින් පියවර යන ගමනක් . මේ වෙද්දි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සම්බන්ධවෙලා තියෙනවා. ඒත් මිනිස්සු අතරට යන්නේ දැන්. ඊට හේතුව.. ?

මුලින් මුලින් රඟපෑවේ සුළු චරිත. කතාබහට ලක්වන චරිත ලැබෙන්නේ දැන්.

මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටි අවස්ථාව මතකද.. ?
ඒක හරියටම කියන්න මතක නෑ. මොකද කියනව නම් ඒ තරම් ගොඩක් ටෙලි නාට්‍යවලට සම්බන්ධවෙලා තියෙනවා. ඒවායින් වැඩි ප්‍රමාණයක් තත්පර ගණනකට සීමා වූ දර්ශන. ඒ විදියට දෙබසක්වත් නැතුව පෙනී සිටි ටෙලි නාට්‍ය 30 කටත් වැඩියි. සමහර ටෙලි නාට්‍යවල සමූහ දර්ශනවලටත් ඉඳලා තියෙනවා.

මතක හිටින චරිතයක් මුලින්ම රඟපෑවේ..
“උතුම් පැතුම්” ටෙලි නාට්‍යයේ “නෙතූ” චරිතය.. ඉන් පස්සේ නම් දිගටම විවිධ චරිත ලැබුණා.

ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලත් රඟපාලා තියෙනව නේද.. ?
ඔව් .. “උලත් එකයි පිලත් එකයි”, “සිරි රජ සිරි” සහ “පාටක් නැති ආදරයක්” චිත්‍රපටවල රඟපෑවා. ඉදිරියේදීත් තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා..

රුක්ෂානාට තවම ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ නෑ නේද ..?
තවම නැහැ.. ඒක තමයි මගෙත් ලොකුම හීනය.. ඒත් මේ අවුරුදු දෙක තුනට පියවරින් පියවර ආපු ගමන ගැන හිතද්දී දවසක ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා පුංචි විශ්වාසයක් හිතේ තියෙනවා.

නිළිකම වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කළේ ඊට ලොකු ආශාවක් තිබුණ නිසා විය යුතුයි..
කවදහරි නිළියක් වෙනවා කියන එක තමයි පුංචිම කා‍ලේ ඉඳන් හිතේ තිබුණ ලොකුම හීනය වුණේ. ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා.

ඒ කැපකිරීම් ගැන කතාකරන්න කැමතිද .. ?
මගේ ගම කොට්ටාව. ඉගෙනගත්තේ “දේවි බාලිකා විදුහ‍ලේ” පාසල් කා‍ලේ ඉඳන්ම වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ඒ පාසල් මට්ටමේ නාට්‍ය. ඉන්පසු සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවා. එතැනදීත් තෝරාගත්තේ රංග කලාව. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඕනෑම කෙනෙකුගේ හීනය හොඳ රැකියාවක් කරන එක. ඒත් මම උපාධිය ගන්න ගියේ රංගනය හදාරලා ඒ තුළින් මගේ නිළි හීනය සැබෑ කරගන්න අදහසින්.

පාසල් වේදිකාවෙන්, විශ්වවිද්‍යාලයේ නාට්‍යකරණය හදාරන්න ගිය රුක්ෂානා ටෙලි නාට්‍ය තෝරාගනිද්දී වේදිකාව ඉබේම මග හැරුනාද.. ?
නැහැ .. මම සම්මානයට පාත්‍රවුණේ වේදිකාවෙන් . 2016 “යෞවන සම්මාන උළෙලෙහි” හොඳම නිළියට නිර්දේශ වුණා.. 8 වසරේ ඉගෙන ගන්න කාලෙදි පාසල් නාට්‍ය තරඟයෙන් සමස්ත ලංකා දක්වාම ගියා. උසස් පෙළ හදාරන කා‍ලේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු බැ‍ලේ නාට්‍ය තරඟයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. ඒ තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිවුණේ අපේ පාස‍ලේ නාට්‍ය කණ්ඩායමට.

දැන් වේදිකාවෙන් දුරස්වෙලාද.. ?
නැහැ.. මේ දවස්වල වේදිකා නට්‍ය දෙකකට දායකවෙලා ඉන්නවා. ජයසේකර අ‍පොන්සුගේ “රජ” සහ ඉදිරියේදී වේදිකාගත වන්නට නියමිත “කුණ්ඩලකේශී” නාට්‍යය. මේ අතරින් “කුණ්ඩලකේශී” නාට්‍යය ගීත නාටකයක් වගේම ෙශෙලිත නාට්‍යයක්.. එය අධ්‍යක්ෂවරු කීප දෙනෙකුම සම්බන්ධවන දැවැන්ත නිර්මාණයක්. ටෙලි නාට්‍ය වලදී නම් ඉතින් උදේ ගිහින් රඟපාලා හවස එන්න පුලුවනි. ඒත් වේදිකා නාට්‍ය වලදී ලොකු කැපකිරීමක් කරන්න වෙනවනේ.. ඒ හින්දා ආරාධනා ලැබෙන හැම වේදිකා නාට්‍යයක්ම භාරගන්නේ නෑ..

ටෙලි නාට්‍යවලදී ඒ තෝරාගැනීම කරන්නේ නැද්ද .. ?
තෝරාගන්න තරම් ටෙලි නාට්‍ය ලැබෙන්නේ නැහැ.. ඒ හින්දා දැනට සුළු චරිතයක් ලැබුණත් රඟපානවා.

ආදරය ගැන කතාකරන්න කැමතිද .. ?
ආදරය කරලා තියෙනවා. ඒත් මම ප්‍රාර්ථනා කළ ආදරය ඒ ආදරය තුළ තිබුණේ නෑ.. ඒත් බිඳවැටුණ ආදරය ගැන නම් දුකක් නෑ.. ඉදිරියේදී මම පතන කෙනා මට හමුවේවි කියලා විශ්වාසයක් හිතේ තියෙනවා..

ආරියවංශ කුලතිලක


Like it? Share with your friends!

-4
11 shares, -4 points

What's Your Reaction?

hate hate
1
hate
confused confused
1
confused
fail fail
1
fail
fun fun
0
fun
geeky geeky
2
geeky
love love
1
love
lol lol
2
lol
omg omg
1
omg
win win
1
win
Editor 1

0 Comments

Your email address will not be published. Required fields are marked *

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format